ප්‍රේම සම්බන්ධතාවයක් මත ඇතිවු ආරවුලක් මුල් කරගනිමින් තරුණයෙකු විසින් තම පෙම්වතියගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කර තිබෙනවා.
සැකකරු ද වස පානය කර ලඳු කැලෑවක වැටී සිටියදී ප්‍රදේශවාසීන් විසින් හලාවත මහරෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මෙසේ ඝාතනයට ලක්ව  ඇත්තේ මාදම්පේ  දුම්මලසුරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි කොහු ආශ්‍රීත කර්මාන්ත ශාලාවක සේවය කළ ගිණුම් ලිපිකාරිණියක්.

ඝාතනයට ලක්වු තරුණිය හා ඝාතනය සිදුකල සැකකාර තරුණයා අතර කලක් තිස්සේ පැවති ප්‍රේම සම්බන්ධතාවයට තරුණියගේ පාර්ශවයෙන් විරෝධතාවය එල්ල වී තිබෙනවා. 

එවන් පසුබිමක තරුණිය ප්‍රේම සබදතාවය නවතා දැමීම මුල්කරගෙන කෝප වු සැකකාර තරුණයා මෙලෙස ඇය ඝාතනය සිදුකර ඇති බව සඳහන්.

ඝාතනයට ලක්වු තරුණිය, සිය මාමා සමග ඔහුගේ යතුරු පැදියෙන් සේවයට ගමන් කරමින් සිටියදීයි මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ.

බරපතල තුවාල ලැබූ තරුණිය හලාවත මහ රෝහලට ඇතුලත් කරන විටත් ජීවිතක්ෂයට පත්ව සිටි බව සඳහන්.

සැකකරු ද දුම්මලසුරිය ප්‍රදේශයේ පදිංචි කරුවකු වන අතර වෘත්තියෙන් හකුරු නිශ්පාදනයේ නිරත වන  පුද්ගලයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් හලාවත වැඩ බලන මහේස්ත්‍රාත්වරයා විසින් මහෙස්ත්‍රාත් පරික්ෂණය සිදුකල අතර රෝහල් ගත කර ඇති සැකකරුට පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රථිකාර ලබා දෙන ලෙස නියෝග කර තිබෙනවා.

මාදම්පේ පොලිසියයි විමර්ශණ මෙහෙයවන්නේ.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?








නවතම පුවත්