පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියන්ට කොකා පෙන්වා අපේ ජන බල පක්‍ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයෙන් රතන හිමියන් පාර්ලිමේන්තු යාමට කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක බව සිංහලේ ජාතික සංවිධානය සඳහන් කරයි.
රතන හිමියන් සහ අපේ ජන බප පක්‍ෂයේ සභාපතිවරයා මැතිවරණ කොමිෂන් සභාවේ රත්නජීවන් හූල් මහතා සමග රාත්‍රී කාලයේ සාකච්ඡා ආරම්භ කර ඇති බව සංවිධානයේ ජාතිත සංවිධායක ප‍්‍රදීප් සංජීව සදහන් කරයි.

අපේ ජන බල පක්ෂයට හිමි ජාතික ලයිස්තුවෙන් රතන හිමියන් පාර්ලිමේන්තු යවන ආකාරය ගැන සාකච්ඡා වන බවද ඔහු කියා සිටියේය.

මෙම දේශපාලන විගඩම වහා නතර කරන්නැයි රතන හිමියන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක දී ජාතික සංවිධායකවරයා වූ මෙම අදහස් පල කරන ලදී.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?








නවතම පුවත්