අම්බලන්ගොඩ - පැරට් මංසන්ධියේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ, අම්බලන්ගොඩ - කුලීගොඩ ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි වියෙහි පසු වූ පුද්ගලයෙකු බවයි පොලිසිය කියා සිටියේ.


යතුරුපැදියකින් ගමන් කරමින් සිටි අදාළ පුද්ගලයාට තවත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර තිබුණා.

අනතුරුව වෙඩික්කරු එම ස්ථානයෙන් පළාගොස් ඇති අතර සිද්ධියෙන් බරපතල තුවාල ලැබු පුද්ගලයා රෝහලට ඇතුළත් කිරීමටයි පොලිසිය සහ ප්‍රදේශවාසීන් කටයුතු කර තිබුණේ.

 සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?








නවතම පුවත්